අසම සම වූ සම්බුදු ගුණ කඳ පුද දුන් අසිරිමත් මහා අධිෂ්ඨාන බල පූඡාව 2017

සප්පුරිසසෝ ජනස්ස හිතාය ස ෝතී ~ සත්පුරුෂයන් ජන සිත සුව පිණිස නියැසේ ~ බුදුරජාණන් ව න්සස් සනාඉඳුේ අධිෂ්ඨාන බල ම ා බුදසධෝප ාර පූජාව සලාවට බිහිකර එම උතුම් අසදෘෂ පින්කමට අතහිත දී වැඳුදා සෙන ම ත්පඵල ම ානිසංස වූ උත්පකෘෂ්ට ුණය බලයන් පිහිටුවා ෙැනීමට අවස්ථාව සැලසීම ස ්තුසවන් ලක්ෂ සංඛ්‍යාත සැදැ ැවත්ප සබෞදධ ජනතාව අතසේ ඉම ත්ප ප්‍රසිදධියටත්ප ෙරුතර ම ා සංඝරත්පනය අතසේ බලවත්ප චිත්පත ප්‍රසාදයටත්ප පාත්‍ර වී විහිදී පැතිරී ෙලා ගිය දීපවයාප්පත සබෞදධ සංවිධානයක්වන අප නමින්


පිං අනුමෝදන් වූ ලක්ෂ සංඛ්‍යාත සත්වයින්න් හට උතුම් වූ අරිහත් ඵලය උදාකර ගැනීම උදෙසාම මේ මහා පුණ්‍ය ගංඟාව හේතු වාසනා වේවා...

පිං අනුමෝදන් වූ ලක්ෂ සංඛ්‍යාත සත්වයින්න් හට උතුම් වූ අරිහත් ඵලය උදාකර ගැනීම උදෙසාම මේ මහා පුණ්‍ය ගංඟාව හේතු වාසනා වේවා...


මහා අධිෂ්ඨාන බල පූඡාව 2017 - තේමා ගීතය





ලක්ෂ ගණනින් පුදදෙන මහා දහස්පෙතියා මල් පුජාව

ලක්ෂ ගණනින් පුදදෙන මහා දහස්පෙතියා මල් පුජාව උදෙසා මෙසේ පැල රෝපණය සිදුකළ වගයි...










පූජාවන් සඳහා පිළියෙල වන අයුරු




“සුමනාවනි දන් දිය යුතුමය, පින් කළ යුතුමය, ශ‍්‍රමණ වූවන්ටත්, ගිහි වූවන්ටත්, දෙවි වූවන්ටත් පින උපකාරී වේ”
~තිලෝගුරු අමාමෑණී සම්බුදු පියාණන් වහන්සේ
ITN Documentary 4 : මහා අධිෂ්ඨාන බල පූඡාව
Maha Adishtana Bala Poojawa 26th August 2017



සමිඳු ගුණ වෙත උතුම් පිදුමට ~ නොදී ඉඩකඩ මග හැරෙන්නට
දසුන ගනු මැන පුබුදු වන්නට ~ සසර පුරුදුව ගෙනා පින් කඳ...
ITN Documentary 3 : මහා අධිෂ්ඨාන බල පූඡාව
Maha Adishtana Bala Pujawa Published on Aug 16, 2017



මහා අධිෂ්ඨාන බල පූඡාව ගැන ITN නාලිකාවේ පලවූ වාර්තාමය වැඩසටහන පහතින් නරඹන්න
ITN Documentary : Maha Adishtana Bala Pujawa 26th August 2017



දිය නොමුසු මහා කිරිපිඬු පූජාව උදෙසා පූජා කළා වූ නොඉඳුල් කෙත්වතු තුලින් මෙසේ අස්වැනු නෙළාගත් වගයි...



වැඩිදුර විස්තර කියවන්න


ලක්ෂ ගණනින් පුදදෙන මහා දහස්පෙතියා මල් පුජාව උදෙසා මෙසේ පැල රෝපණය සිදුකළ වගයි...












ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා යන සත් අදිටනින් යුක්තව සිදුකරන්නාවූ මහා අධිෂ්ඨාන බල පූඡාව



නොඉඳුල් තෙල් පහන් ලක්ෂයක් තුළ තැන්පත් කර දල්වා, ඝනඳුර එළිය කර
සුවඳ විහිදුවමින් ආලෝකය විහිදී යන්නා සේ, අවිදු අඳුරින් වෙලීගිය

ලෝ සතගේ සිත් සතන් ප‍්‍රඥා ආලෝකයෙන් ඒකාලෝක වේවා !
සාසන බල නැගේවා ! නැණ නුවණ දැල්වේවා !
ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා !

යන අති උත්තරීතර මහා අධිෂ්ඨාන බල තබමින් රුවන්වැලි මහා සෑ රදුන් අභියස දල්වන්නා වූ අති
උත්තම වූ පහන් ලක්ෂයේ ආලෝක පූජාව



තිලෝගුරු අමාමෑණී එ් සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ නිකෙලෙස් වූ, නොඉඳුල් වූ,
උත්තරීතර වූ ඒ උතුම් හදවත් වෙත මාගේ අග‍්‍ර වූ, ශ්‍රේෂ්ඨ වූ, එ් මහා නමස්කාරය වේවා
සම්බුදු පියාණන් වහන්සේලාගේ හදවත් උල්වැනි රාගයන් මත, උල්වැනි ද්වේෂයන් මත,උල්වැනි මෝහයන් මත, නොඉන්ද වූ බව
සත්‍යයි.
එබඳු උල්මත ඉන්ද වූ මුළු මහත් ලෝ සතගේ හදවත් දුක් පීඩා විඳින බව ද සත්‍යයි.
එබඳු උලින් නිදහස් වූ දුක් පීඩා නොම වූ, මුණිරජාණන් වහන්සේලාගේ හදවත් අමා සුව දෙන්නක් බව ද සත්‍යයි.
‘‘එසේ නොඉඳූල් වූ හදවත් වෙත කැප කෙරෙන පූජාවෝ
රාගාදී උල්හි ඉන්ද වූ කිසිදු සත්වයෙකු ඉඳුල් නොකරත්වාය’’
යන අදිටනින් සියලූ රැකවල් සදා උල්නැති ගුණ කඳ උදෙසා සකසන නොඉඳූල් පූජාවෝ
ගරු ගුණ සිතින් යුතුව පුදදෙන
උත්තරීතර වූ මහා පූජාවලිය උතුම් අදිටනින් යුතුව මෙසේ සකසන වගයි.

මහා අධිෂ්ඨාන බල පූඡාව ගැන ITN නාලිකාවේ පලවූ වාර්තාමය වැඩසටහන් පහතින් නරඹන්න









එම පින්බර දින අටවිසි බුදුපියාණන් වහන්සේලා රුවන්වැලි මහා සෑ රදුන් වටා තැන වූ විශේෂ මල් මණ්ඩප මත වඩමවා හිඳුවා
උතුම් ගුණකඳ සිහිකර පුදදෙන්නා වූ

අර්ථාන්විත පූජා මාලාව මෙසේ වන්නේය.


ලක්ෂ ගණනින් පුදදෙන මහා දහස්පෙතියා මල් පුජාව, ගුවනින් පුෂ්පෝපහාර දැක්වීමේ පූජාව, හේවිසි පූජා, කොඩි
පූජාවෝ ඇතුලූ පරිපූර්ණ පූජාවන්ගෙන් සමන්විත යුගයේ අති උත්තරීතර මහා අධිෂ්ඨාන බල පූජාවෙන් නැගෙන්නා වූ
මහා පුණ්‍ය බල මහිමයන් විහිදී, පැතිරී පිහිටා,

ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා !

යන මහා අධිෂ්ඨානය තබන්න. නිර්මාංශව සුදුවතින් සැරසී ගරු ගුණ සිතින් යුතුව අනුරාධපුර රුවන්වැලි මහා සෑ
රදුන් අභියසට ඔබ සැමද පියනගන්න. මෙම උත්තරීතර මහා අධිෂ්ඨාන බල පූජාවට සියලූ ලෝක සියලූ සත්වයන් අතහිත දී
ගනිත්වා !
සාධු ! සාධු ! සාධු !


නොඉඳුල් තෙල් සිඳීමේ පිංකමට සහභාගී වීමට හිතැති පිංවත් ඔබ පහත සඳහන් දුරකථන අංක අමතන්න.
ඩිලාන් මහතා : 071 7977 936
සංජය මහතා : 071 4426 683

නොඉඳුල් උතුම් දානමය පූජාවෝ වඩමවන මහා පෙරහැරට සහභාගී වීමට හිතැති පිංවතුන් 2017 ජූලි 26 වෙනි දිනට පෙර
පහත සඳහන් දුරකථන අංකවලට අමතන්න.
රංජිත් මහතා : 077 7558 009
කපිල මහතා : 071 4196 271


මෙම අති උතුම් මහා පිංකමට නන් අයුරින් සහයෝගය දැක්වීමට හිතැති පිංවත් ඔබ පහත සඳහන් දුරකථන අංකවලට
අමතන්න.
සුචරිත මහතා : 071 5541 293
කමල් මහතා : 077 6400 934



පූජාව සඳහා සියළුම මුදල් ආධාර කීරීම සඳහා

ගිණුමේ නම: නිසලවිල පදනම
ගිණුම් අංකය: 1092 6100 3066
බැංකු ශාඛාව: සම්පත් බැංකුව ( මහරගම සුපිරි ශාඛාව )
SWIFT CODE: BSAMLKLX


ගිණුමට බැරකර කරුණාකර දුරකතනයෙන් 0714196271 ට දැනුම් දෙන්න


දිනය :
2017 අගෝස්තු 26 වන දින

ස්ථානය :
අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස

වේලාව :
සවස 4.00 සිට පසුදින උදෑසන 10.00 දක්වා



දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා










තුන්ලෝකාග‍්‍ර වූ, සම්මා සම්බුදු පියාණන් වහන්සේලා විසින් ලැබ දුන් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අරි අට`ගි මග නම් අංග අටකින් සමන්විත මාර්ගය උත්තරීතර වූ, ශාන්ත පදනම් වූ එ් අමා නිවන් සුවයට උතුම් වූ මාර්ගය ම වන්නේ ය. කෙලෙස් රෝගයෙන් රෝගාතුර වූ ලෝ සතට, එම රෝගය නැසීම උදෙසා ලැබ දුන් මහා ඖෂධ අටක් බ`දු මෙම උතුම් මාර්ගාංග තුළින් එකිනෙකට වෙනස් වූ කාර්යයන් ඉටු කරමින්, කෙලෙස් රෝගය සුව කිරීම උදෙසා ක‍්‍රියා කරයි. එම උතුම් මාර්ගාංග අටෙන් කෙලෙස් රෝගය ක්ෂය වී ගොස් අවසානයේදී සම්මා ඥාන, සම්මා විමුක්ති යන මාර්ගාංග යුගලක් ද පහළ වී, උත්තරීතර වූ අරිහත්ඵල සුවයෙන් සදහට ම සුවපත් වී යන බව සත්‍යයි.

සම්බුදු පියාණන් වහන්සේලාගේ එම සත්‍ය වූ උතුම් වූ දහම් මග සිහි කර, එකිනෙකට වෙනස් වූ ඖෂධීය ගුණ රැදුණු පාන වර්ග අටකින් සමන්විත මහා අෂ්ඨපාන පූජාවෝ තැන්පත් කරන්නේ, ශ්වේත වර්ණ නෙලූම් ඇතුරුමක් මතයි. නෙලූම් ඇතුරුමෙන් අදහස් කරන්නේ උතුම් වු ආර්ය භූමියයි. යම් හදවතක් මෙම උතුම් මාර්ගාංග අටෙන් සමන්විත නම් එම හදවත ආර්ය උතුමකුගේ හදවතක් ම වන්නේ ය. ආර්යයන් ලොව පහළ කළ එම මහා ආර්යයන් වහන්සේගේ උත්තරීතර හදවත සිහි කර, එම නෙලූම මත මෙම නොඉ`දුල් අෂ්ඨපාන පාත‍්‍රා වඩා හි`දුවා නෙලූමෙහි මධ්‍යයේ ඉහළට පැන නැගුණු මණ්ඩපයක් මත දසවරක් පෙරූ පැන් පාත‍්‍රයක් වඩමවා හි`දුවයි. ඉන් අදහස් කරන්නේ, එම උත්තරීතර අරිහත්ඵල සිතමයි. එම උතුම් වූ අරිහත්ඵල සමාධි සිත යනු සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ආදී සම්මා අංග අට තුළින් පෙරි, පෙරී ගොස් අවසානයේ දී සම්මා ඥාන, සම්මා විමුක්ති යන මාර්ගාංග යුගලයෙනුත්, හදවත්හි කෙලෙස් ගති පෙරුණු පසු ඉතිරි වන ප‍්‍රභාෂ්වර සුපිරිසිදු ඵලයයි. එසේ දසවරක් පෙරුණු සුපිරිසිදු හදවත සිහි කර අප ද, දස වරක් පැන් පෙරාගෙන පාත‍්‍රා තුළට තැන්පත් කර නෙලූම මධ්‍යයෙන් ඉහළට පැන නැගුණ මණ්ඩපය මත වඩමවා හි`දවූයේ අංග අටකින් සමන්විත දහම් මග වඩන ආර්ය උතුමන්ගේ හදවත් තුළින් මොහොතකින් පැන නගින සුපිරිසිදු වූ, උතුම් වූ ඒ අරිහත්ඵල සිත සිහිකරමයි. එසේ උතුම් අරිහත්ඵල සිත් ලොවට පහළ කරවීමට අසමසම මග ලැබ දුන් සම්බුදු පියාණන් වහන්සේලාගේ අසමසම මහා ගුණක`දට මෙම නොඉඳුල් වූ, උතුම් වූ අෂ්ඨපාන පූජාවෝ පූජා කර ඉන් නැගෙන්නා වූ, අප‍්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාදයෝ, විහිදී, පැතිරී පිහිටා


ලෝ සතගේ හදවත් තුළට අරි අටගි මග පහළ වේවා!...
එමග වැඬේවා!...
එමග වැඞී, ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා...!








ලක්ෂයක් පහන් නොඉඳුල් තෙලින් දල්වන මහා පහන් ආලෝක පූජාව

මෙම උතුම් පහන් පූජාවට අවැසි තෙල් සකසා ගැනීම සිදුකරන්නේ, බිමට පතිත නොකර අතටම නෙළාගත් නොඉඳුල් පොල්ගෙඩි යොදාගෙනයි. එමෙන්ම තෙල් සිඳින පරිශ‍්‍රය සුපිරිසිදුකර සකසාගත් විශේෂ මණ්ඩප තුළ කුරා කුහුඹුවකුටවත් ඉඳුල් කිරීමට ඉඩනොදී රැකවරණ සදා උඩුවියන්, වටතිර යොදා මුඛවාඩම්, හිස් වැසුම් පැළ`ද සුපිරිසිදුව මෙම තෙල් සිඳීම සිදුකරයි. තව ද, මෙම තෙල් සකසා ගැනීමේදී තෙල් සකසන පිරිස විසින් පොල් බිඳ ගැනීමේදී, පොල් ගා ගැනීමේදී, පොල් මිරිකීමේදී හා තෙල් සිඳවා ගැනීමේදී යන මෙම කාර්යයන් වලදී, ගරු ගුණ සිතින් යුක්තව ”ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා” යන මහා අධිෂ්ඨානය නොකඩවා හිත තබාගැනීම හෝ සජ්ජායනා කිරීම සිදුකරයි.

මෙම තෙල් සිඳ පහන් පූජාව අවසන් වනතුරු තෙල් සිඳගැනීමෙන් පසු ඉතිරිවන පොල් කුඩු, පොල් වතුර, ආදී ඉවත්කරන දෑ කිසිදු සතෙකු ඉඳුල් කිරීම වළක්වා ගනී.

එසේ ලක්ෂයක් පහන් දැල්වීමට නොඉඳුල් තෙල් සකසන්නේ මෙවන් වූ උතුම් අර්ථ සමුදායකින් සමන්විතවමයි.

උතුම් බුදුබව ලබා ලෝ සතට යහපත සදන්නට බෝසතාණන් වහන්සේ නමක් පශ්චිම අත්බවයෙහි පහළ වනවිට මිහිමත වසන කිසිදු සත්වයෙකුට කායික පීඩාවක් හෝ මානසික පීඩාවක් නොමදීම පහළ වන්නේය. මහා ඝන අන්ධකාර දෙන ලෝකාන්තරික නරකය පවා මොහොතකට එ්කාලෝක කරමින් නිරයගත නිිරිසතුනට පවා සුවයක් උන්වහන්සේ පහළවන විට උදාවන බව ධර්මයෙහි සඳහන් වේ.

එබඳු වන්නා වූ සම්බුදු පියාණන් වහන්සේගේ මිහිමත පහළ වීම සිහිකර මෙම උතුම් පහන් පූජාවට අවැසි තෙල් සකසා ගැනීමට නොඉඳුල් පොල් ඵල නෙලන්නේ භූමියට පතිත නොකර ”භූමියෙහි වසන්නා වූ කිසිදු සත්වයෙකුට දුක් පීඩා නොමවේවා” යැයි යන උතුම් අදිටනින් සමන්විතවමයි.
එසේ සත් අදිටනින් නෙලාගන්නා වූ පොල් ගෙඩි ලෙලි ඉවත්කිරීමෙන් පසු, තෙල් සකසන විශේෂ මණ්ඩප තුළට ගෙන මෙසේ උතුම් පැතුමක් හද තුළ දරාගෙන බිඳිනු ලබයි.

මෙම පොල්කටුව තුළ සිර වී තිබෙන දිය හා සමානවම ලෝ සතගේ හදවත් ද, රාග, ද්වේෂ, මෝහයන් සුවදායකය යන අවිද්‍යාව නැමැති කටුව තුළ සිර වී සිටින්නේය. මෙම පොල්කටු බිඳී මෙහිි දිය නිදහස් වී යන්නා සේ ලෝ සතගේ හදවත් තුළ ඇති අවිද්‍යාව නැමැති කටුව බිඳී, රාග, ද්වේෂ, මෝහයන්ගෙන්

නිදහස් වෙත්වා ! නිදහස් වෙත්වා ! නිදහස් වෙත්වා !
නිදහස් වී ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා !



එසේ බිඳගත් පොල් ගෙන සකස් කරන්නේ, ලෝ සතගේ හදවත් තුළ මෙසේ පොල් ගෙඩියේ සිර වී, තද වී තිබෙන්නා වූ පොල් මදය ටිකෙන් ටික මෙම තියුණු තලයෙන් ගෑවීයන්නා සේ විද්‍යාව නැමැති තියුණු අවියක් බඳු සදහම් නුවණ පහළ වී ලෝ සතගේ සිත් සතන් තුළ සිර වූ රාග, ද්වේෂ, මෝහාදී කෙලෙස් දාහයන් ටිකෙන් ටික ගෑවී ගෑවී ගොස් ඉන්,

නිදහස් වෙත්වා ! නිදහස් වෙත්වා ! නිදහස් වෙත්වා !
නිදහස් වී ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා !
යන මහා අධිෂ්ඨානය තබමින් බව ස`දහන් කරමු.

තව ද, එසේ සකසා ගත් පොල් දසවරක් පෙරාගත් පැන් තුළට බහා දියකර මිරිකා රොඩු බවට පත් වී, ඉවත් වී යන්නා සේ ලෝ සතගේ හදවත් තුළ ගැවසීගත් රාගාදී කෙලෙස් දහම් දසවරක් පෙරාගත් පැන් වැනි සම්බුදු පියාණන් වහන්සේලා ලබාදුන්, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, සම්මා ඥාන, සම්මා විමුක්ති නමැති සිසිල් දියෙහි දිය වී ගොස් රොඩු බවට පත් වී හදවතින්,

ඉවත් ව යත්වා ! ඉවත් ව යත්වා ! ඉවත් ව යත්වා !
ඉවත් වී ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා !

යන මහා අදිටනින් බව සඳහන් කරමු.

එසේ රොඩු ඉවත් කර ලබාගත් කිරෙහි මිශ‍්‍ර වූ දිය උදුන මත තැබූ විට වාෂ්ප වී ඉවත් වී යන්නා සේ ලෝ සතගේ හදවත් ද, සදහම් උදුන මත පිහිටා කෙලෙස් දාහ ගති වාෂ්ප වී

ඉවත් වී යත්වා ! ඉවත් වී යත්වා ! ඉවත් වී යත්වා !


එසේ දිය ඉවත් කර සාදාගත් පිරිසිදු තෙල් පහන් ලක්ෂයක් තුළ තැන්පත් කර දල්වා, ඝනඳුර එළිය කර සුවඳ විහිදුවමින් ආලෝකය විහිදී යන්නා සේ, අවිදු අඳුරින් වෙලීගිය

ලෝ සතගේ සිත් සතන් ප‍්‍රඥා ආලෝකයෙන් ඒකාලෝක වේවා !
සාසන බල නැගේවා ! නැණ නුවණ දැල්වේවා !
ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා !

යන අති උත්තරීතර මහා අධිෂ්ඨාන බල තබමින් රුවන්වැලි මහා සෑ රදුන් අභියස දල්වන්නා වූ අති උත්තම වූ පහන් ලක්ෂයේ ආලෝක පූජාවට ඔබ සැමද ගරු ගුණ සිතින් යුක්තව අතහිත දී ගනිත්වා !

නොඉඳුල් මහා අෂ්ඨපාන පූජාව

තුන්ලෝකාග‍්‍ර වූ, සම්මා සම්බුදු පියාණන් වහන්සේලා විසින් ලැබ දුන් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අරි අට`ගි මග නම් අංග අටකින් සමන්විත මාර්ගය උත්තරීතර වූ, ශාන්ත පදනම් වූ එ් අමා නිවන් සුවයට උතුම් වූ මාර්ගය ම වන්නේ ය. කෙලෙස් රෝගයෙන් රෝගාතුර වූ ලෝ සතට, එම රෝගය නැසීම උදෙසා ලැබ දුන් මහා ඖෂධ අටක් බඳු මෙම උතුම් මාර්ගාංග තුළින් එකිනෙකට වෙනස් වූ කාර්යයන් ඉටු කරමින්, කෙලෙස් රෝගය සුව කිරීම උදෙසා ක‍්‍රියා කරයි. එම උතුම් මාර්ගාංග අටෙන් කෙලෙස් රෝගය ක්ෂය වී ගොස් අවසානයේදී සම්මා ඥාන, සම්මා විමුක්ති යන මාර්ගාංග යුගලක් ද පහළ වී, උත්තරීතර වූ අරිහත්ඵල සුවයෙන් සදහට ම සුවපත් වී යන බව සත්‍යයි.

සම්බුදු පියාණන් වහන්සේලාගේ එම සත්‍ය වූ උතුම් වූ දහම් මග සිහි කර, එකිනෙකට වෙනස් වූ ඖෂධීය ගුණ රැදුණු පාන වර්ග අටකින් සමන්විත මහා අෂ්ඨපාන පූජාවෝ තැන්පත් කරන්නේ, ශ්වේත වර්ණ නෙලූම් ඇතුරුමක් මතයි. නෙලූම් ඇතුරුමෙන් අදහස් කරන්නේ උතුම් වු ආර්ය භූමියයි. යම් හදවතක් මෙම උතුම් මාර්ගාංග අටෙන් සමන්විත නම් එම හදවත ආර්ය උතුමකුගේ හදවතක් ම වන්නේ ය. ආර්යයන් ලොව පහළ කළ එම මහා ආර්යයන් වහන්සේගේ උත්තරීතර හදවත සිහි කර, එම නෙලූම මත මෙම නොඉඳුල් අෂ්ඨපාන පාත‍්‍රා වඩා හිඳුවා නෙලූමෙහි මධ්‍යයේ ඉහළට පැන නැගුණු මණ්ඩපයක් මත දසවරක් පෙරූ පැන් පාත‍්‍රයක් වඩමවා හිඳුවයි. ඉන් අදහස් කරන්නේ, එම උත්තරීතර අරිහත්ඵල සිතමයි. එම උතුම් වූ අරිහත්ඵල සමාධි සිත යනු සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ආදී සම්මා අංග අට තුළින් පෙරි, පෙරී ගොස් අවසානයේ දී සම්මා ඥාන, සම්මා විමුක්ති යන මාර්ගාංග යුගලයෙනුත්, හදවත්හි කෙලෙස් ගති පෙරුණු පසු ඉතිරි වන ප‍්‍රභාෂ්වර සුපිරිසිදු ඵලයයි. එසේ දසවරක් පෙරුණු සුපිරිසිදු හදවත සිහි කර අප ද, දස වරක් පැන් පෙරාගෙන පාත‍්‍රා තුළට තැන්පත් කර නෙලූම මධ්‍යයෙන් ඉහළට පැන නැගුණ මණ්ඩපය මත වඩමවා හිඳවූයේ අංග අටකින් සමන්විත දහම් මග වඩන ආර්ය උතුමන්ගේ හදවත් තුළින් මොහොතකින් පැන නගින සුපිරිසිදු වූ, උතුම් වූ ඒ අරිහත්ඵල සිත සිහිකරමයි. එසේ උතුම් අරිහත්ඵල සිත් ලොවට පහළ කරවීමට අසමසම මග ලැබ දුන් සම්බුදු පියාණන් වහන්සේලාගේ අසමසම මහා ගුණකඳට මෙම නොඉඳුල් වූ, උතුම් වූ අෂ්ඨපාන පූජාවෝ පූජා කර ඉන් නැගෙන්නා වූ, අප‍්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාදයෝ, විහිදී, පැතිරී පිහිටා


ලෝ සතගේ හදවත් තුළට අරි අටගි මග පහළ වේවා!...
එමග වැඬේවා!...
එමග වැඞී, ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා...!